ජනවාරි හා පෙබරවාරි රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැටලුවක


මෙම වසරේ දී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණ දී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවත් ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද දැඩි ගැටලුකාරි තත්වයක් මතුව ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ සියලුම අමාත්‍යාංශවලට මෙවර අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් සියයට 5ක් කපාහැරීමට සිදුවන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බවයි.

එසේම ජනවාරි මස සමෘද්ධි දීමනාව ලබාදීම ද සතියක් හෝ දෙකක් වැනි කාලයක් ප්‍රමාද විය හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



Recommended Articles