ජනවාරි 12දා සිට ඇරඹි මෙහෙයුම්වලින් අපරාධකරුවන් 920ක් අත්අඩංගුවට


ජනවාරි 12 වැනි දින සිට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදුකරන  මෙහෙයුම්වලදී අපරාධ සඳහා සෘජුවම සම්බන්ධ සැකකරුවන් 920දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ගිනි අවි 197ක්   හා බීමත් රියදුරන් 11054ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

හෙරොයින් කිලෝ දාහතරක්, ගංජා කිලෝ 1123ක්,  අයිස් මත්ද්‍රව්‍ය  කිලෝ විසිතුනක් සමග හෂිස් කිලෝ විස්සක්  අත් අඩංගුවට ගෙන තිබෙන බවත් මත්ද්‍රව්‍යවලට අදාළ සැකකරුවන් 16000ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු  පැවසීය.

 වරෙන්තුකරුවන් 14,000ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

 මෙම වසරේ ගෙවීගිය කාලයෙහිදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන්වලට අදාළව පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පැවසුවේය.

මෙම වසර තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 13ක් වාර්තා වූ අතර ඉන් 07ක් සංවිධානාත්මක අපරාධ වෙඩි තැබීම් බවද ඔහු සඳහන් කළේය.
මෙම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 09  දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.



Recommended Articles