ජනපතිවරණයට අදාළව පැමිණිලි 4945ක්


ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 4945ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම පැමිණිලිවලින්  34ක් ලැබී තිබෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, පැමිණිලි  4804ක්  නීති උල්ලංඝනය කිරීම පිළිබඳව හා පැමිණිලි 107ක් වෙනත් පැමිණිලි වශයෙන් ලැබී තිබෙන බවත් පෙන්වා දෙයි.

පසුගිය ජූලි 31 වැනි දින සිට  18 වැනි දින දක්වා කාලයෙහිදී මෙම පැමිණිලි ලැබී තිබේ. එම පැමිණිලිවලින් 4304 කට විසඳුම් ලබා දී තිබෙන බවත්, පැමිණිලි 641 ක් විසඳීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙන බවත් කොමිසම සඳහන් කරයි. 

පෙරේදා(18දා) සවස 4.30ට අවසන් පැය 24 ක කාලයෙහිදී පමණක් පැමිණිලි 208 ක් ලැබී තිබේ. එම පැමිණිලිවලින් 202 ක් නීති උල්ලංඝනය කිරිම පිළිබඳව හා වෙනත් පැමිණිලි තුනක් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 03  ලැබී තිබෙන බවද පෙන්වා දෙයි.
 

 



Recommended Articles