ජනපති එමිරයේ සංචාරය අරඹයි


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 02/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතාගේ ආරාධනාවක් පරිදි මෙම සංචාරය සිදු කෙරෙන අතර මේ සදහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් , බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන් සමග  තවත් උසස් රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු ද මෙම සංචාරය සදහා එක් වී සිටිති .

ඔවුන් 02/10 දින උදෑසන 10.10 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .

මෙම සංචාරය 02/10 දින සිට 02/13 දින දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ගිවිසුම් ගනනාවක් වෙත එළඹීමට ද නියමිතය .



Recommended Articles