ජනපති ඉන්ද්‍රජාලිකයෙක් තමයි


ජනපති අනුර කුමාර දිසානායක මහතා ජනපතිධුරයේ දිවුරුම් දෙමින් අනතුරුව සිදුකළ කථාවේදී තමන් ඉන්ද්‍රජාලිකයෙක් නොවන බව සඳහන් කළත් මහ මැතිවරණයේ ලබා ගත් ජයග්‍රහණය අනුව ඔහු ඉන්ද්‍රජාලිකයෙක් බවට පෙන්නුම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. 

"ජනාධිපතිතුමා ජයග්‍රහණයෙන් පසු කළ පළමු කතාවේ දී මම ඉන්ද්‍රජාලකයෙකු නොවෙමි කිව්වාට එතුමා කියලා තිබෙන්නේ බොරුවක්. ඇත්තෙන්ම එතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි. ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරණයේ දී ලබා ගත් ඡන්ද ගණනට වඩා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා ගත් ඡන්ද ගණන වැඩි කරලා පෙන්නුවා.

ඊටත් වඩා වැදගත්. ඉතිහාසයේ ප්‍රථම වරට උතුර, දකුණ, නැගෙනහිර සහ මධ්‍යම කියන පලාත් හතරම එක පක්ෂයකින් ජයග්‍රහණය කරලා පෙන්නුවා. ඉන්ද්‍රජාලකයා කියන්නේ කරන්න බෑ කියලා විශ්වාස කරන දේවල් කරලා පෙන්වන කෙනා. එහෙම බැලුවාම ජනපතිතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි."



Recommended Articles