ජනගහනයෙන් සියයට 50ක් එන්නත්කර අවසන්


මෙරට සම්පූර්ණ ජනගහනයෙන් 50%ක ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වෙනවිට සයිනොෆාම් එන්නත් මාත්‍රා 8,973,670ක්,ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 949,105ක්,මොඩර්නා එන්නත් මාත්‍රා 758,282ක්,ෆයිසර් එන්නත් මාත්‍රා 243,685ක්, ස්පුට්නික් එන්නත් මත්‍රා 43,453ක් වශයෙන් සමස්ත මාත්‍රා 10,968,199ක් ජනතාවට ලබා දී ඇත.



Recommended Articles