ජනකත් සමග මත ගැටුම් තිබූ මොහාන් හා වික්‍රසිංහ උපයෝගීතා කොමිෂමෙන් ඉවත්වෙති


මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සමග මත ගැටුම් නිර්මාණය වී තිබූ බව කියන එම කොමිෂමේ සාමාජිකයන් දෙදෙනෙක් වෙන මොහාන් සමරනායක මහතා හා බී.යූ.කේ.ඒ වික්‍රමසිංහ මහත්වරු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා බාරදී  ඇතැයි වාර්තා වෙයි.  

මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරු මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත හමුවී සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.

 



Recommended Articles