මැතිවරණයක් ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ විරෝධතාවක් ආරම්භ කිරීමත් සමග පාර්ලිමේන්තු උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
එහිදී ආණ්ඩුව විසින් දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කිරීමට කටයුතු කළේය. ඒ අනුව පෙ.ව. 10.20ට පමණ කථානායකවරයා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබිමට කටයුතු කළේය.