ශ්‍රී ලංකා පොලීසිය සැකපිට චීන ජාතිකයන් ඇතුළු විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට ගත් බවට පළවන නවතම වාර්තා පිළිබඳව චීන තානාපති කාර්යාලයේ අවදානය යොමුව ඇති බව තානාපති කාර්යාලය පවසයි. මෙය චීනයේ කීර්තිනාමයට බරපතල හානියක් බව ද තානාපති කාර්යාලය සඳහන් පවසන්නේ, මෙම පරීක්ෂණ කටයුතු සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.
1990 දශකය තුළ චීනයේදී දුරකථන හා මාර්ගගත වංචා පළමු වරට පැනනැඟූ අතර එහි පසුව පුළුල් ලෙස පැතිරී ගොස් විශාල බලපෑමක් කළ බවත් , මාර්ගගතව සිදු කරන වංචා මැඩ පැවැත්වීම සඳහා චීන රජය අඛණ්ඩව සොයා බැලීම් කරන බවද තානාපති කාර්යාලය සඳහන් කරයි. 2021 වසරේදී චීනයේ විසඳුම් ලබා දී ඇති වංචා නඩු සංඛ්‍යාව පසුගිය වසර පහට වඩා පන්ගුණයකින් වැඩි වී ඇති බව ද තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පවසන්නේ දුරකථන හා මාර්ගගත වංචා ලෝකය පුරා සීඝ්රයෙන් පැතිර යන බවත්, එය ලොව පුරා පැතිරයන අනතුරැදායක තත්ත්වයක් බැවින් ජාත්‍යන්තර වශයෙන් විසඳිය යුතු ගැටලුවක් බවට පත්වී ඇති බවයි. පසුගිය කාලසීමාව තුළ චීනය, මියන්මාරය, කම්බෝජය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තවත් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කර එම වංචා අවම කිරීමට කටයුතු කරමින් පවතින බව ද තානාපති කාර්යාලය කියයි.
චීනයේ කීර්තිනාමයට හානි කළ චීන ජාතිකයන් ගැන චීන තානාපති කාර්යාලයේ අවධානය
Recommended Articles