චීනය තවත් ඒන්නත් මාත්‍රා මිලියන 1.6ක් පරිත්‍යාග කරයි


ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා චීනය තවත් එන්නත් මාත්‍රා මිලයන 1.6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව ඉදිරි සතිවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

චීනය ගැටලුවට පත්ව සිටින විටදී ශ්‍රී ලංකාව ලබාදුන් සහාය සෑම විටම මතක බව චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

චීනය මේ දක්වා ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 11ක් පරිත්‍යාග කර තිබේ.

ජුලි 11 දා වන විට ශ්‍රී ලංකාව මිලදී ගෙන ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 6ක් වෙයි.



Recommended Articles