චීන පොහොර සමාගමට ගෙවීම් කරන්න යෝජනාවක්


ශ්‍රී ලංකාවට කාබනික පොහොර එවූ චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ඉල්ලූ වන්දිය ගෙවීමට අදාළ යෝජනාවක් ඊයේ පැවැති කැබිනට් රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති වාර්තා වෙයි.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව අදාළ ගෙවීම් සිදුකිරීමට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. චීන සමාගම ලංකාවට එවූ පොහොරවල අහිතකර බැක්ටීරියා ඇති බව සඳහන් කරමින් එවා ශ්‍රී ලංකාවට ගොඩබෑම ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කළේය.

ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර මත ගැටුම් ඇතිවූ අතර සමාගම තමන්ට සිදුවූ හානිය වෙනුරෙවන් ඇමෙරිකානු ඩොලර් මිලියන 08ක් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාවේ අතිරේක අධ්‍යක්ෂ ආර්.ටී. වික්‍රමාරච්චි මහතාගෙන් ඉල්ලා සිටිමින් ඒන්තරවාසියක්ද යොමුකරනු ලැබීය.

 



Recommended Articles