චීන නැව එයි


චීනයේ පර්යේෂණාත්මක නෞකාවක් වන යුවාන් වැංග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබේ. මෙම නෞකාව ඉන්ධන හා අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනිම වෙනුවෙන් මෙසේ හම්බන්තොට වරායට පැමිණියේය.

නෞකාව පිළිගැනිම වෙනුවෙන් චීන තානාපති කාර්යාලය විසින් අද පෙරවරුවේ හම්බන්තොට වරායේ උත්සවයක්ද සංවිධානය කර තිබේ.

මෙම නෞකාව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම ඇමෙරිකාවද සිය විරෝධය ප්‍රකාශ කළ අතර පසුව ඔවුන්ට ඒ සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට අපොහොසත්වූ බැවින් නෞකාවට හම්බන්තොටට පැමිණීමට අවශ්‍ය අවසරය රජය විසින් ලබා දුන්නේය.

මෙම නෞකාව මුලින්ම ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ පසුගිය 11 වැනිදායි. කෙසේ වෙතත් එම දිනය ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකාව චීන තානාපති කාර්යාලයෙන් නිල වශයෙන් ඉල්ලීමට කටයුතු කළේය.

 



Recommended Articles