චීන ජාතිකයන් 20ක් අල්ලයි


වීසා නොමැතිව රැදී සිටිමින් අයථා ලෙස අන්තර්ජාලය හරහා මුදල් ඉපයූ බවට සැක කරන චීන ජාතිකයන් 20 කු පානදුර උතුර ගොරකාන  ධම්මානන්ද මාවතේ ලැගුම්හලක සිටියදී  අත්අඩංගුවට ගැනීමට පානදුර උතුර පොලිසිය සමත් වී ඇත.

වැටලීමත් සමගම එම ස්ථානයේ සිටි තවත් චීන ජාතිකයන්න්18 කු පලා ගොස් ඇත.

අත්අඩංගුවට ගත් කිසිදු සැකකාර චීන ජාතිකයකු සතුව විදේශ ගමන්ඉ බලපත්‍ර නොතිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

එම ස්ථානයේ තිබී විවිධ වර්ගයේ ස්මාර්ට්  ජංගම දුරකථන 432 ක් ,  ජංගම දුරකථන චාජර් කැට 133 , යු එස් ,බි කේබල් 340 ක් ,
ලැෆ්ටොෆ්  පරිගණක, යු එස් බි චාජර් කෝඩ් , පවර් කෝඩ් , රවුටර්  ,මොනිටර් , ඝනක යන්ත්‍ර , යු පි එස්  3 ක් , වීඩියෝ කැමරා , ආදී අන්තර්ජාල පහසුකම් සඳහා යොදාගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

පානදුර  උතුර ,ගොරකාන ධම්මානන්ද මාවතේ ලැගුම් හලක් තුළ සැක කටයුතු විදේශිකයන් පිරිසක් රැඳී සිටින බවට පානදුර උතුර පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරියකුට ලද තොරතුරු වලට අනුව පානදුර උතුර පොලිසියේ නිලධාරීන් සහ පානදුර කොට්ඨාස අපරාධ අංශයේ  නිලධාරීන් කණ්ඩායමක් 8 රාත්‍රී එම ස්ථානය වටලා සැකකාර චීන ජාතිකයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත

එම ස්ථානයේ වැටලීමත් සමගම කලබල වූ එහි සිටි චීන ජාතිකයන්ගෙන් පලා ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු  9 දහවල් වන විටත් අනාවරණ වී නොතිබූ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් සන්තකේ විදේශ ගමන් බලපත්‍ර ද නොතිබූ බවත් ඔවුන් නිත්‍යානුකූල නොවන අන්දමින් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන්ට රවටා ඔවුන් සතු ගිණුම්වලින් මුදල් අයථා ලෙස උපයා ගන්නා බවට බොහෝ දුරට සැකකල හැකි යැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ලැගුම්හලේ හිමිකරු වෙත මාසික කුලී මුදල රුපියල් ලක්ෂ 20 බැගින් කුලී මුදලක් ලබාදෙන බවට ගිවිසුමක් මගින් පොරොන්දු වී ඒ ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතිකයන් වීසා නමැති චෝදනාව මත මෛත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ආයතා ලෙස අන්තර්ජාලයේ භාවිතා කරමින් මුදල් ඉපයීම සිදුකළේ කෙසේද යන්න හා විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් ප්‍රකාශ නොකිරීම පිළිබඳ පානදුර උතුර පොලිසිය සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශනාංශය මගින් ඒකාබද්ධව විමර්ශන කටයුතු කරනු ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles