චන්ඩිගේ මරණයට හේතුව සොයා අද මරණ පරීක්ෂණයක්


ගල්ගමුව ප්‍රදේශ‌යේ ජනතාව චන්ඩි නමින් හැඳින්වූ තනි දලයක් සහිත ඇතා ගල්ගමුව, ඇහැටුවැව කදුරුවැව ගම්මානයේ වැවේදී මියගොස් සිටියදී වනජීවී නිළධාරීන් සොයා ගෙන ඇත.

කළක සිට විවිධ රෝගාබාධවලට ලක්ව සිටි මෙම තනි දළයක් සහිත ඇතාට අවස්ථා කීපයකදී වනජීවී නිළධාරීන් විසින් ප්‍රථිකාර සිදු කර තිබිණි.

ගල්ගමුව ප්‍රදේශයෙන් මාඳුරු ඔයට සහ හොරොව්පතානට රැගෙන ගිය මෙම හස්තියා නැවත ගල්ගමුවට පැමිණීම නිසා ඒ පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවුණා.
 
චන්ඩි නම් මෙම ඇතාගේ මරණයට හේතුව ‌සොයා අද පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිය.තවත් ඇතෙකු සමඟ ඇති කර ගත් ගැටුමක් හේතුවෙන් ඇති වූ තුවාල නිසා මෙම ඇතා මිය යන්නට ඇතැයි සැක පළ කරයි.



Recommended Articles