ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය බෙයිජිං හිදී


නුදුරේදී ඇරඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය  ඊයේ (16) චීනයේ  බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් එය සංවිධාන කෙරිණ. "සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම" එහි තේමාවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Liu Jianchao මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong මහතා  එහිදී දේශන සිදු කළහ. ලොව පුරා රටවල් 76ක දේශපාලන ප්‍රධානීහූ, රජයේ නියෝජිතයෝ, විද්වත්හූ  සහ මාධ්‍ය නියෝජිතයෝ, මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් ඊට එක් වූහ.

ගෝලීය දකුණේ රටවල් සමඟ සමීප වෙමින් ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීම සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම උදෙසා  විශාල "ගෝලීය දකුණේ" ශක්තියක්  එකතු කිරීමට චීනය සූදානමින් සිටින බව Liu Jianchao මහතා පැවසීය.

Shen Haixiong මහතා සිය දේශනයෙන් පෙන්වා දුන්නේ, චීන මාධ්‍ය සමූහය චීනය සහ "ගෝලීය දකුණේ" රටවල් අතර හුවමාරු, සංවාද, අන්‍යෝන්‍ය ඉගෙනීම සඳහා පාලමක් ගොඩනඟනු ඇති බවයි. 

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා ඇතුළු අමුත්තෝ මෙම සංසදයට විඩියෝ සුබ පැතුම් පළ කරමින්, ගෝලීය දකුණු විද්වත් පර්ෂද සහයෝගීතා ශක්තිමත් කිරීමේ සිය අපේක්ෂාවන් පළ කළහ. චීනය ලෝක සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන සාමාජිකයෙක් බවට පත් ව ඇතැයි වෛද්‍ය ජී.වීරසිංහ මහතා පැවසීය.



Recommended Articles