ගොවීන්ට ලබාදෙන රු. 25000ක පොහොර සහනාධාරය සඳුදා සිට


 ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම එළඹෙන සඳුදා ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එය අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉන්පසුව පොළොන්නරුව, අනුරාධපුර, මහියංගණය සහ මහවැලි කලාපවල ගොවිජනතාවට ක්‍රමානුකූලව මෙය ලබාදීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඊයේ (08දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු ඒ බව සඳහන් කළේය.

“මේ මහ කන්නය අරම්භ වෙන්නේ. ලබන සතියේ සඳුදා වෙනකොට අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට මේ පොහොර සහනාධාරය වැඩි කරපු එක ලබා දෙන්න කටයුතු කරනවා. ඊට පස්සේ පොළොන්නරුව, අනුරාධපුර, ඒ වගේම මහියංගණය, මහවැලි කලාපවල ගොවිජනතාවට ක්‍රමානුකූලව මෙය ලබා දෙන්න කටයුතු කරනවා.” යනුවෙන්ද කීවේය.

 



Recommended Articles