ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22කින් නව කොරෝනා ආසාදිතයින් 692ක්


ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22කින් නව කොරෝනා ආසාදිතයින් 692 දෙනෙකු හඳුනා ගෙන ඇත.

ඉන් ආසාදිතයින් 5 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය.

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 233 කි.

ඊට අමතරව,

*ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 119ක්

*කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 112ක්

*ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 18ක්

*මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 34ක්

*කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 17ක්

*වව්නියාව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 16ක් වශයෙන් ආසාදිතයින් හඳුනා ගෙන ඇත.



Recommended Articles