ගෘහ සේවයට ගොස් ආපු කාන්තාවන් රවටා මුදල් ගරන ජාවාරමක්


මැද පෙරදිග ගෘහ  සේවය සඳහා පිටත්ව ගොස් නැවතත්  ලංකාවට පැමිණ සිටින සිටින කාන්තාවන්  හට රුපියල් ලක්‍ෂ විස්සක සහන ණය මුදලක් සහ ගෘහ උපකරණ විදුලි උපකරණ පැකේජයක් ලබා දෙන බව පවසමින් ඔවුන්ගේ මුදල් ගරා ගන්නා ජාවාරමක් පිළිබඳව දඹුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

දඹුල්ල පහළවැව, බටුයාය ප්‍රදේශයේ පදිංචි විදෙස් රටක ගෘහ සේවය සඳහා ගොස් නැවත නිවසට පැමිණ ඇති රුපියල්  දෙලක්ෂ දහසය දහසක  මුදලක් වංචා කරුවන්ට ලබා දුන් බව කියන එම් .ජි .ඩී .චම්පිකා  නමැති කාන්තාවක් දඹුල්ල ‍පොලිසියට මේ බව පැමිණිලි කොට තිබේ.

 මැදපෙරදිග රටවල  ගෘහ සේවය සඳහා  ගොස් නැවත නිවෙස් වලට පැමිණෙන දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෘහ සේවිකාවන්ගේ සියලු දත්ත තොරතුරු සමග වෑන් රථයකින් පැමිණෙන පුද්ගලයන් දෙදෙනෙකු රට විරුවන් සඳහා විශේෂ ණය සහන පැකේජයක් මෙන්ම ගෘහ උපකරණ විදුලි උපකරණ සහනදායී ක්‍රමයක් යටතේ ලබාදෙන බව පවසමින් එම කාන්තාවන් රවටා මෙම මූල්‍ය වංචාව සිදු කරන බව පැමිණිල්ලේ සඳහන්ව තිබෙන්න බව පොලිසිය කියයි

ජාවාරම්කරුවන් හට හසු වූ දඹුල්ල පහළවැව, බටුයාය ප්‍රදේශයේ පදිංචි එම්.ජි.ඞී චම්පිකා පැමිණිල්ල ඉදිරිපත් කරන ලද කාන්තාවද මෙම ජාවාරම්කරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 20 ක මුදලක්   සීයට තුනේ සහන ණය මුදලක් ලබා ගැනීම සහ විදුලි උපකරණ ගෘහ උපකරණ ලබා ගැනීම සඳහා රුපියල්   දෙලක්ෂ දාසය දාහක මුදලක් ලබාදී තිබෙන බවත් පොලිස් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

  කාන්තාව  කියා සිටියේ තමන් නිවසේ   සිටින අවස්ථාවක සුදු පැහැති වෑන් රථයකින් පුද්ගලයන් දෙදෙනෙකුට ගෑස් උදුම් සහ තවත් විදුලි උපකරණ   රැගෙන නිවසට පැමිණි බවය, ඔවුන් රට විරුවන් සඳහා විශේෂයෙන්ම සහන පැකේජයක් ලබා දෙන බව පවසා  විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන කාන්තාවන්ගේ සියළු දත්ත තොරතුරු ඔවුන්ගේ ජංගම දුරකථනවල තිබුණු බවත් ඇය සඳහන් කළාය

  සූක්ෂම ලෙස ගෘහ සේවයෙ  සිටි  මෙම කාන්තාවන් රවටමින් ඔවුන් සිදු කරන ක්‍රියාවලිය සත්‍යයක් බව ට හුවා දැක්වෙමින් තමන්ට රුපියල් ලක්ෂ විස්සක ණය මුදලක් ලබාදීමට හැකි බවත් ගෘහ උපකරණය කට්ටලයක් ලබාදීමටත් හැකි බව පැවසූයේ යැයිද  ඒ අනුව තමන් මෙම කණ්ඩායමට අත්තිකාරම් මුදල් ලෙස මුදල් රුපියල්   දෙලක්‍ෂදාසියදාහක් ලබා දුන් බවත් කොටසක් අත ඇති මුදල් තවත් කොටසක්   දඹුල්ල නගරයේ  රන්  භාන්ඩ අලෙවි සැලකට තම කර බැඳි මාලය උසට තබා ලබා දුන් බවත් ඉතිරි මුදල පසුදා ඔවුන් ලබා දුන් බැංකු ගිණුමක තැන්පත් කළේ යැයි ඇය සඳහන් කළාය.

 

   කෙසේ වෙතත් මේ වන විට එම පිරිසගේ ජංගම දුරකථන ක්‍රියා විරහිත කොට තිබෙන බවද ඇය සදහන් කරන්නට වූවාය ,මෙම කාන්තාව මුදල් තැන්පත් කළ ගිණුම් හිමිකරුවා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිඟුරක්ගොඩ ශාඛාවේ පුද්ගලයෙකුගේ නමකට ඇති බවත් අනාවරණය වී ඇතැයි ඇය සඳහන් කළාය

 

  දිවයිනේ බොහෝ කාන්තාවන් ජාවාරමට හසුවී ඇති බව ඔවුන් සිදුකළ ප්‍රකාශ වලින් සහ ඔවුන් සතුව තමන් වෙත පෙන්වූ දත්ත වලින් හඳුනාගත් බවද ඇය සඳහන් කළාය

කිසිදු ආකාරයෙන් සැකයක් නොසිතෙන ආකාරයට මෙම පුද්ගලයන් හැසිරූ බව ඇය සඳහන් කරන්නට විය, තමන් වසර දෙකහමාරකට කාලයක්   කුවෙන්ට් රාජ්‍යයේ සේවය කොට   මීට මාසෙකට පමණ ඉහතදී ලංකාවට පැමිණි බවද රට   විරුවන් වෙනුවෙන් මෙවැනි ක්‍රියාවක් සිදුවන බව ප්‍රකාශ කිරීමත් සමඟ තමන් රුපියල් ලක්ෂ විස්සක ණය මුදලක් ලබා ගැනීමට ගොස් රැවටුණු නිසා  මෙවැනි ජාවාරම් කරුවන්නට  රටේ අනෙකුත් කාන්තාවන් හසුවීම වැළැක්වීම සඳහා තමන් මේ බව  ජනමාධ්‍යට  ප්‍රකාශ කළේ යැයි ඇය සඳහන් කළාය.

 



Recommended Articles