තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකුගේ අත් බෑගය තුළ වූ දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු , 04/07 දින උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන , එම මුදලින් කොටසක් ද සොයා ගෙන තිබේ .
ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ ද්විත්ව පුපුරවැසිභාවය හිමි 71 හැවිරිදි මොහු රාගම , වැළිසර ප්‍රදේශයේ පදිංච් තම ඥාතීන් බැලීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියේය .
ඔහු 04/07 දින අලුයම 12.43 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .
ඔහු සිය ගමන් මල්ල , ගුවන් යානයෙහි ගමන් මලු රාක්කයේ තබා , නිදා ගෙන පැමිණ සිටි අතර , එම ගුවන් යානයෙහි ගමන් ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු , එම ගමන් මල්ල තුළ වූ ඇමෙරිකානු ඩොලර් 2,000 ක් සහ ශ්‍රී ලංකා රුපියල් 60,000 ක් සොරා ගෙන තිබේ .
මෙම සිදුවීම දුටු අනෙකුත් ගුවන් මගීන් මේ පිළිබද ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරිමට පියවර ගෙන තිබේ .
ඉන්පසුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්ස වීමෙන් අනතුරුව , ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් මෙම චීන ජාතිකයන් දෙදෙනා ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබේ .
ඔවුන් මෙම චීන ජාතිකයන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දුන් අතර , එහිදී ඔවුන් අත් අඩංගුවට ගෙන සිදු කළ විමර්ශන වලදී මොවුන් විසින් සොරා ගත් මුදල් වලින් කොටසක් සොයා ගැනීමට ද පොලීසිය සමත් වී තිබුණි .
ඒ අනුව 36 හැවිරිදි එක් චීන ජාතිකයෙකු සන්තකයෙහි තිබූ ඇමෙරිකානු ඩොලර් 900 ක් සහ ශ්‍රී ලංකා රුපියල් 55,000 ක මුදලක් ද , අනෙක් 39 හැවිරිදි චීන ජාතිකයා සන්තකයෙහි ඇමෙරිකානු ඩොලර් 300 ක මුදලක් ද සගවා ගෙන තිතිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබුණි .
මෙසේ අනාවරණය කර ගත් මුදල් තොගය සමග මෙම චීන ජාතිකයන් දෙදෙනා 04/07 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය .