ගුවන් ප්‍රවාහන පහසුකම් දුන්නේ මුදල් අයකිරිමේ පදනම මතයි


නිල ක්‍රියා පටිපාටිවලට අනුගත වෙමින් ජනාධිපති අපේක්ෂකයන්ට ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරන කටයුතු වලදී අවශ්‍ය ගුවන් ප්‍රවාහන පහසුකම් මුදල් අයකිරීමේ පදනම මත, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව සිදු කර ඇති බව ගුවන් හමුදාව අවධාරණය කරයි.

2024 ඡනාධිපතිවරණයට ඉදිරිපත්වන ඡනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අවභාවිතා කිරීම මැයෙන් මුද්‍රිත මාධ්‍යවල පුවත් වාර්තාකර ඇති බව ගුවන් හමුදාවේ නිරීක්ෂණයට ලක් වී ඇති බව ද ඔහු කියයි. 

ගුවන් හමුදාව සම්බන්ධව  පුවත් වාර්ථාකරනයේදී එහි අන්තර්ගත කරුනුවල නිරවද්‍යතාවය පිළිබඳ ගුවන් හමුදා මාධ්‍ය අංශයෙන් තහවුරු කරගැනීමෙන් අනතුරුව පුවත් වාර්ථා කිරීම තුලින් වඩාත් නිරවද්‍ය වූ පුවත් මාධ්‍ය භාවිතා කරන්නට ලබාගත හැකි බව ගුවන් හමුදාව තව දුරටත් අවධාරණය කරයි. 



Recommended Articles