ගුවන් තොටුපොළේ සේවය කරන පුනවිටිය සේවකයෙකුට කොරෝනා


පල්ලම, මුන්දලම, ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස වල පවුල් 14 ක පිරිස් ඊයේ (7දා) සවස සිට නිරෝධායනයට යොමු කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි එම්.ඒ.එස්.කේ. පෙරේරා මහත්මිය පවසයි.

මෙසේ දින 14 ක  ස්වයං නිරෝධයනයට යොමුකර ඇත්තේ ආඩිගම  පුනවිටිය ප්‍රදේශයේ පදිංචි කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ සනීපාරක්ෂක ඒකකයේ සේවයේ නිරත වු 23 තරුණයකු ඇසුර කළ පවුල් 14 ක 45 කට ආසන්න පිරිසක් බව කියයි.

අදාළ තරුණයා ගුවන් තොටුපල වෛද්‍ය ඒකකය මගින් සිදුකළ පී.සී.ආර් පරික්ෂණයකදී කෝවිඩ් 19 ආසාධිතයකු බව සනාථ කර ගැනිමේන් පසුව මෙම පවුල් 14 නිරෝධායනයට ලක් කළ බව කියයි.



Recommended Articles