ගුරු විදුහල්පති විරෝධතාවට ආපි තිදෙනෙක් ජාතික රෝහලට


කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවය  විසිරවීම සඳහා පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරීමෙන් රෝගී වූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහල  වෙත ඇතුළත් වූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

රෝහල් ගතවූ තිදෙනාගෙන් දෙදෙනෙක් ප්‍රතිකාර ලබා මඳ වේලාවකදී පිටවී ගිය අතර අනෙක් අය ඇස් රෝහල කරා යොමු වූ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles