ගුරු ගැටලුවට කැබිනට් මණ්ඩලයේදීත් විසඳුමක් නෑ?


ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව පිළිබඳව අද  පැවැති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව ඇතත් ඒ සඳහා විසඳුමක් ලැබී නොමැත.

කැබිනට් හමුවෙන් පසුව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා දීමට නම් රුපියල් බිලියන 56ක මුදලක් වෙන් කළ යුතු බවයි.

කෙසේ වෙතත් රජයට මේ අවස්ථාවේදී ඒ ආකාරයට මුදල් සොයා ගැනිමට හැකියාවක් නැතැයිද ඔහු පැවැසීය.

කෙසේ වෙතත් ගුරුවරුන්ගේ ගැටලුව සඳහා විසඳුමක් ඉදිරි අය වැය ලේඛණයේදී ලැබෙනු ඇති බවත් ඔහු පැවැසීය.



Recommended Articles