ගිය වියදමට අඩුවෙන් බෙහෙත් විකිණීමෙන් ඖෂධ නිෂ්පාදන සංස්ථාවට රු.කෝටි එකහමාරක පාඩුවක්


රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් ඉකුත් වසරේදී  නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග 10 ක්   නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මිලට පුද්ගලික වෙළඳපොළ බෙදාහරින්නන්ට අලෙවි කර තිබීමෙන්  එම සංස්ථාවට  රුපියල් 15,265 ,626 ක මූල්‍ය අලාභයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය  අනාවරණය කරයි.

වෙළඳපොළේ පවතින විවිධ ඖෂධ වර්ග සමග  තරගකාරීව අලෙවි කිරීමේදී සමහර අවස්ථාවලදී  වෙළෙඳපොළ පවතින මිල ගණන්වලට හෝ ඊට අඩු මිලකට නිෂ්පාදන විකිණීමට සිදුවිය හැකි බවත්  එසේ  නොකළොත් ඖෂධය කල් ඉකුත් වී විනාශ කිරීමට පවා සිදුවිය හැකිබවත්  මෙම සංස්ථාව විසින් මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වා ඇත.

ඖෂධ නිෂ්පාදනයේදී නිෂ්පාදන මිශ්‍රය මනාලෙස කළමනාකරණය කර ගතයුතු බව මේ  සම්බන්ධයෙන් නිකුත් කළ   විගණන වාර්තාවක් මගින්   මෙම  සංස්ථාවට නිර්දේශ ලබා දී තිබේ. 



Recommended Articles