ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් හතරක් මරුට, හතරකට තුවාල


කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (07) රාත්‍රි 11ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. 

ඊයේ රාත්‍රියේ ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරි රථයකට ගෑස් පුරවන අතරතුර ලීටර් 6,000ක් අඩංගු ගබඩා දෙකකින් එකක් පුපුරා යෑමෙන් ගින්න හටගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Recommended Articles