ගාල්ලෙේ කොවිඩ් ආසාදිතයන්ගේ අඩවක්


ගාල්ල දිස්ත්‍රික්කය තුළ පසුගිය සති දෙකක කාලයේදී  සක්‍රිය කොරෝනා ආසාදිත රෝගින් වාර්තාවිමේ අඩුවිමක් දක්නට ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

 පසුගිය සති දෙකේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවි ඇත්තේ  කොවිඩි ආසාදිත රෝගින්180 දෙනෙකු පමණක් බවද හෙතෙම පවසයි. කෙසේවුවද ගාල්ල නාගරික බල ප්‍රදේශය තුළ සිදුකරන පී.සී.ආර්. පරික්ෂණ සංඛ්‍යාව සියයට 90කින් පමණ පහත වැටි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

පරිපාලන ගැටළු නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව පෙන්වා දෙන ඒ මහතා එහෙයින් ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ආසාදිතයින් සංඛ්‍යාව පිළිබද නිවරදි තක්සේරුවක්  කළ නොහැකි බවද  හෙතෙම පවසයි.



Recommended Articles