ගල්වලක ගිලී මවක් සහ දරුවන් දෙදෙනෙකු මරුට


තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ ගල්වළක ගිලී මවක් සහ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.

 මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි මවක් සහ 13 හැවිරිදි සහ 9 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙකි.ඊයේ පස්වරුවේ මව සහ දරුවන් දෙදෙනා මෙම ගල්වළේ දිය නෑමට ගොස් ඇති බව පොලීසියට වැඩිදුර විමර්ශනයන්හි දී හෙළි වී ඇත. 

 මවගේ සිරුර ඊයේ (21) දින සොයාගෙන ඇති අතර දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ 



Recommended Articles