ගලගෙදරින් කොරෝනා රෝගියෙකු හමුවෙයි


ගලගෙදර පොලිස් වසමේ  පොහොලියද්ද ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග ගලගෙදර ප්‍රදේශයටසංචාරක සීමා පැනවීමට පොලිසිය කටයුතු කොට තිබේ .

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේගලගෙදර ප්‍රදේශයට ඇතුල් වන ස්ථාන දෙකකට පොලිස් මාර්ග බාධක යොදාඑම ප්‍රදේශයට ඇතුල් වීම සීමා කොට ඇති බවයි . එම ප්‍රදේශයේ ජීවත්වෙන පුද්ගලයන්ට තම අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව ගල ගෙදර ප්‍රදේශයට ඇතුළු වීමට අවසර දෙන බවත් පිටස්තර පුද්ගලයන් කිසිවෙකුටත් එම ප්‍රදේශයට ඇතුළු වීමටඉඩ නොදෙන බවත් පැවසීය

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles