ගර්භනී මව්වරුන් 8ක් කොවිඩ් රෝගයට බිලි වෙලා


ගර්භනී මව්වරුන් අට දෙනෙකු පමණ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් රෝගයට ගොදුරු වී මියගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.

මේ අනුව ගර්භනී මව්වරුන්ද මෙම රෝගයේ අවධානම් මට්ටමේ පසුවන කණ්ඩායමක් ලෙස හදුනාගෙන ඇති බවද ඇය පැවැසුවාය.

කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් රාගම රෝහලේ ගර්භනී වාට්ටුව සදහා අවශ්‍ය කරන රුපියල් මිලියන තුනකට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව පැවැසුවාය.

 



Recommended Articles