ගම්පොළ පොලීසියේ ලොක්කෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට


ගම්පොළ පානබොක්ක ප්‍රදේශයේ සුපිරි අවන්හලක් තුළදී රුපියල් 20000/= අල්ලස් මුදලක් ලබාගත් ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස්  හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

ගම්පොළ  ඉල්ල වතුර ප්‍රදේශයේ පුද්ගලයකු ගම්පොළ මූලස්ථාන පොලිසියට විරුද්ධව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කර තිබූ අතර ඔබ පැමිණිල්ලට අදාලව ගම්පොළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ හා අංශභාර ස්ථානාධිපතිවරුන්ගේ නාම ලේඛනයක් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ රාජකාරී සම්බන්ධ වාර්තාවක් හා  පොලිසි ස්ථානය කරන ලද පැමිණිලිවල උදෘත හා නඩුවල නඩුවල තත්ත්වයන් ඇතුළු වාර්තා කීපයක් රැගෙන හෙට (25) අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දී තිබිණි.

එම වාර්තා රැගෙන කොළඹ යාම සඳහා මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් 20000/= ජ මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර පැමිණිලිකරුට සහාය වන පරිදි අල්ලස් කොමිෂන් සභාවට කරුණු දැක්වීමට හැකි බවත් මුදල් ලබා නොදෙන්නේ නම් පැමිණිලි කරොට අගති දායක ලෙස කටයුතු කරන බවටත් දන්වා බියගන්වා ඇත.

ඒ අනුව සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම ආපනශාලාව තුළදී පැමිණිකරුගෙන් මුදල් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි.



Recommended Articles