ගම්පිලගේ ප්‍රකාශය කන්දක් විලිලා මීයෙක් වැදුවා වගෙයි


උදය ගම්මන්පිළ පසුගියදා පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කළ හෙළිදරව් කිරීම විශාල කාළබෝම්බයක් වේ යැයි තමන් බලාපොරොත්තු වූවත් එය කන්දක් විළිළා මීයෙක් වැදුවා වගේ වූ බවත් රටේ ජනතාව එම ප්‍රකාශ ගනන් ගන්නේ නැති බවත්  ප්‍රවීන රංගන ශිල්පි රන්ජන් රාමනායක මහතා 10/22 දින පෙරවරුවේ  මීගමුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටලයේ පැවති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයේ වැඩමුළුවක දී පැවසීය.

නව රජය බලයට පත් වී තවමත් මාසයක කාලයක් සම්පූර්ණ වී නොමැති මෙවන් අවස්ථාවක රජයටත් යම් කලයක් අවස්ථාවක් ලබා දිය යුතු බව තම පක්ෂයේත් , තමාගේත් පෞද්ගලික අදහස බව රන්ජන් රාමනායක මහතා පැවසීය .

පසුගිය පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත් වූයේ ද "පාස්කු ප්‍රහාරය" විකුණා ගෙන බවත් එම රජයේ අමාත්‍යවරයෙකු වූ උදය ගම්මන්පිළ තම රජය බලයට පත් කර ගැනීමට " ජාතික ආරක්ෂාව " ද විකුණා ගත් බව ද අවධාරණය කළේය.

තම පක්ෂය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 09 කට පමණක් තරග කරන බවත් , ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය සදහා තරග කරන අපේක්ෂකයන් සදහා මෙම වැඩමුළුව පවත්වන බවත් පැවසීය .

මෙම අවස්ථාවට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවි කුමුදේශ් , එම පක්ෂයේ ජාතික සංවිධායක තිලකරත්න දිල්ෂාන් , කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පැතුම් කර්නල් යන මහත්වරු ද සහභාගී වී සිටියහ .



Recommended Articles