ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 113ක්


අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 113 දෙනෙකු සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

මෙම රෝගීන් අතුරින් 52 දෙනෙකු මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් සහ තවත් 20 දෙනෙකු වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් සොයාගෙන ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය .

 කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් 10/25 දින තවත් කොරෝනා ආසාදිත සේවකයින් 06 දෙනෙකු හමු වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම වෛරසය ආසාදිත සේවකයින් 372 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .

එසේම ඒ අනුව මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 2,772 දෙනෙකු හමු වී ඇති අතර , ඔවුන් සොයා ගැනීම සදහා 10/25 දින වනවිට පී.සී.ආර්.පරීක්ෂණ 36,216 ක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .

මේ අතර සීදුව පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු වල නිරත වී සිටි පොලිස් නිලධාරීවරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා 10/25 දින  යොමු කර ඇති බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

කටුනායක ටී.කේ.ජී.කපිල 



Recommended Articles