ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 11,000 සීමාව පසු කරයි


ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 01/26 දින සවස 4.00 න් අවසන් පැය 24 තුළ දී 11,000 සීමාව ඉක්මවා ගිය බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

ගම්පහ දිස්ත්‍රික්කය තුළින් 01/26 දින කොරෝනා ආසාදිත රෝගීන් 201 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 11,026 දෙනෙකු වාර්තා වී ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

01/26 දින වාර්තා වී ඇති රෝගීන් අතර වත්තල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළින් 39 දෙනෙකු ද , මිනුවන්ගොඩ කොට්ඨාසය තුළින් 22 දෙනෙකු ද , බියගම කොට්ඨාසය තුළින් 20 දෙනෙකු ද , ගම්පහ කොට්ඨාසය තුළින් 22 දෙනෙකු ද , මහර කොට්ඨාසයෙන් 19 දෙනෙකු ද , කැළණිය කොට්ඨාසයෙන් 18 දෙනෙකු ද සිටිති .

එමෙන්ම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 01/26 දින කොරෝනා ආසාදිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා වරකාපොල රජයේ රෝහල වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles