ගනේමුල්ල සංජීව ඝාතනය ගැන පොලිස් කණ්ඩායම් කිහිපයකින් පරීක්ෂණ


සංවිධානාත්මක අපරාධ කල්ලි  නායකයෙක් වන ගනේමුල්ල  සංජීව නොහොත් , මාකිලංගමුවේ  සංජීව කුමාර සමරත්න නැමැත්තාට අද (19) අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ  මූලිකත්වයෙන් විමර්ශන කණ්ඩායම් කිහිපයක් පත්කර ඇතැයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පැවසීය.

ඊට අමතරව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේද නිලධාරීන් යොදවා ඇතැයි හෙතෙම කීය

වෙඩි තැබූ බව කියන රිවෝල්වර වර්ගයේ ගිනි අවිය විත්ති කූඩුව අසල වැටී තිබියදී පොලිසිය මගින් සොයාගෙන  ඇති අතර ගිනි අවිය එම පුද්ගලයා අධිකරණ සංකීර්ණය තුළට රැගෙන ආ බව කියන "අපරාධ නඩු විධාන සංග්‍රහය " නැමති පොතේ රිවෝල් වරයක් ආකාරයෙන් එහි පිටු අතර කුහරයක් සාදාතිබූ නීති පොත පොලිස් භාරයට ගෙන ඇත

මෙම ඝාතනයත් මීට දශක කිහිපයකට ඉහතදී සිනමා පටවල විකාශනය වූ  නවකතා පොත්වල ගිනි අවි සඟවා රැගෙන ගොස් සිදු කළ ඝාතනයන් ආභාසයට ගෙන  සිදුකළ එකක් බවට විමර්ශන පවත්වන උසස් පොලිස් නිලධාරියකු කීය.

විත්තිකූඩුවකදී ඝාතනයට ලක් වූයේ පළමුවැන්නා ගනේ මුල්ල සංජීව බව ප්‍රකට නීතිවේදියෙකු සමාජ ජාලා ගිණුමක සටහනක් තබා ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ හා පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ අලුත් කඩේ අංක පහ අධිකරණය වෙත රැගෙන විත් ඔහුට එරෙහිව විභාගවන නඩු කටයුත්තක් සඳහා විත්තිකූඩුවට නංවා තිබියදී නීතිඥ වෙස්ගත් පුද්ගලයකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර අධිකරණය ආසන්නයේ නවතා තිබූ කුඩා වෑන් රථයක නැග පලා ගොස් තිබිණි

රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් එල්ල කර තිබූ එම වෙඩි ප්‍රහාරය ගනේ මුල්ල සංජීව නමැත්තාගේ පපු ප්‍රදේශයට වැදී  බරපතල තුවාල සිදුවූ සිදු වී තිබූ ඇති බවත් වහා ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ පොලිස් නිලධාරින් ඔහුව පොලිස් විශේෂ කාර්ය බළකා ජීප් රථයෙන් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගියත් මද වෙලාවකදී ඔහු මිය ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය

මෙම සිද්ධිය සමඟම අධිකරණය සංකීර්ණය තුළ විශේෂ සෝදිසිමක් ක්‍රියාත්මක කර ආරක්ෂාව තරකිරීමට පියවර ගත්හ 

2009 වසරේදී  කිර විකුණූ මහලු මවක ගේ රුපියල් 300ක් කොල්ලකා සහ බිස්කට්  වෑන් රථයකින් රුපියල් 70000/= ක මුදලක් කොල්ලකා ආරම්භ කළ අපරාධ ගමනේදී  එදා මෙදා තුර ඔහුගේ අනුදැනුම මත පුද්ගල ඝාතන 16 ක පමණ තොරතුරු පොලිස් පොතේ ලියැවී ඇත

ගනේ මුල්ලේ සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීව  එල් ටි ටි ඊ සංවිධානයේ සාමාජිකයන්ද සිය අපරාධ සඳහා යොදාගෙන ඇති බව බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය වී තිබිණි

ගනේ මුල්ලේ සංජීව නොහොත්   මාකිලංගමුවේ සංජීව ගේ ප්‍රබල ප්‍රතිවාදියාන් වන්නේ  මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මේ නමැත්තා හා  අමිත් ගම්ලත්ගේ තිළිණ සම්පත් නොහොත් කොමන්ඩෝ සලින්ත  නැමැත්තන්ය



Recommended Articles