ගතවු දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන්


ගතවු දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් 239 දෙනෙකු හඳුනාගෙන ති​බේ

ඉන් වැඩිම පිරිසක් වන 51 දෙනෙකු බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වී ඇති අතර හික්කඩුව සහ බලපිටිය ප්‍රදේශවලින් ආසාදිතයින් 34 දෙනා බැගින් හඳුනාගෙන ති​​බේ.



Recommended Articles