ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩො.මි. 500ක්


 ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම මුදල  ලබාදෙන බව  මහකොමසාරිස් කාර්යාලය කියයි.



Recommended Articles