ඛණිජ තෙල් නිෂ්පාදන බද්දෙන් රු. බි. 139ක ආදායමක්


ඛණිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 2023 වර්ෂයේ පළමු මාස 08 ට සාපේක්ෂව 2023 ජනවාරි 01 වැනි දා සිට අගෝස්තු 30 දක්වා 2024 වර්ෂයේ පළමු මාස 08 දී රුපියල් මිලියන 139.000 ක් දක්වා සියයට 137.4 කින් කැපී පෙනෙන ලෙස  වැඩි වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පූර්ව මැතිවරණ අයවැය තත්වය පිළිබඳ වාර්තාවකින් අනාවරණය වේ.

2024 වර්ෂයේ පළමු කාර්තාවේ දී (ජනවාරි 01 වන දා සිට මාර්තු 30 දක්වා ) ආර්ථික වර්ධනයත් සමඟ ඉල්ලුම් ඉහළයාම හේතුවෙන් ඛණිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බව එම වාර්තාවේ සඳහන්වේ.

2023 වර්ෂයේ මුල් මාස 08 දී ඛණිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන්  ලද ආදායම රුපියල් බිලියන 58.7 විය. ඒ අනුව 2023 වර්ෂයේ මෙම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 2024 වර්ෂයේ  මුල් මාස 08 දී ඛණිජ තෙල් හා නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.6 කින් වැඩි වී ඇත.

2023 වර්ෂයේ ජූලි මස 31 වැනි දින සිට ක්‍රයාත්මක වන පරිදි ඉන්ධන ලීටරයක්  මත රුපියල් 25 ක නිෂ්පාදන බද්දක් පනවා තිබුණි. 2024 වර්ෂයේ ජනවාරි මස පළමු වැනි දින සිට ඩීසල් ලීටරයක් මත පනවා තිබූ නිෂ්පාදන බද්ද රුපියල් 06 කින් සහ ප්‍රෙල් ලීටරයක මිල පනවා තිබූ නිෂ්පාදන බද්දෙන් රුපියල් 05 කින් අඩු කරනු ලැබීය.

ඒ අනුව ඉන්ධන සඳහා ඉල්ලුම වැඩි වී ඇත. මේ හේතුවෙන් ඉන්ධන සඳහා වූ නිෂ්පාදන බද්දේ  ශුද්ධ වැඩි වීම වැඩි වී ඇත. එමෙන් ම ඉන්ධන කෝටා ක්‍රමය ඉවත් වීමත් සමඟ  ආනයනය ප්‍රමාණය වැඩි වී ඇති බව මෙම වාර්තාවේ සඳහන්වේ. 

චන්දන සමරවික්‍රම



Recommended Articles