කහතුඩුව වෑතර ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් කෝටි 13 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි.
එම සැකකරු සමග හොරයින් මත්කුඩු කිලෝ 5 ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 500 ක් හා ඩාන්සින් ටැබ්ලට් 950 ක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකක 2 වෙත ලද තොරතුරක් අනුව සැකකාර පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය ගබඩා කර තිබෙන නිවස කහතුඩුව වෑතර ප්‍රදේශයේ බවට අනාවරණය කිරීමෙන් අනතුරුව එම නිවස වටලා සෙසු මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව පොලිසිය කියයි.
එම සැකකරුගෙන් තවදුරටත් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවරා මෙහෙයවන කාංචනා නැමැති කාන්තාවක් ගේ මත්ද්‍රව්‍ය බවට අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.
අදාල නිවස මීට මාසෙකට පමණ ඉහතදී රුපියල් 25000/= මාසික කුලී පදනම මත ලබා ගත් බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර නෑබඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණු ජයසුන්දර සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධනය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සි ආර් පාරාමුල්ලගේ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.