කොළඹ මර්මස්ථානවල රූප සටහන් ඇති පිටු 700ක පොතක් සමග සැකකරුවෙක් අල්ලයි


කොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700 කින් සමන්විත පොතක් සන්තකයේ තබාගෙන  කුරුඳුවත්ත ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු අද (27) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි

එම සැකකරු සන්තකයේ තිබී එම පොතට අමතරව, ප්‍රභූවරුන්ගේ සංවාද සටහන් සහ ඒවාට සැකකරු විසින් ලබාදුන් ප්‍රතිවිරුද්ධ පිළිතුරු ඇතුළත් සටහන් ඇතුළත් පොතක් හා දිනසටහන් පොතක් මෙන්ම ඡායාරූප ගත කරන ලද ජංගම දුරකථනය මෙන්ම යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත

ජංගම සංචාරයේ යෙදුණු  පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කුරුඳුවත්ත පොලිසිය වෙත භාරදී ඇත

කොළඹ පිටකොටුව මැණින් මාර්කට් හි සහෝදරයකු සමග එක්ව ව්‍යාපාර කටයුතුවල යෙදී ඇති එම පුද්ගලයා මීට මාස හයකට පමණ පෙර එම කටයුතුවලින් ඉවත් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත'

54 හැවිරිදි  සැකකාර පුද්ගලයා කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර දෙදරු පියකු බවත් එක් දරුවකු විදේශගතව සිටින බවත් අනෙක් දරුවා විවාහ වී සිටින බවත් පොලිසිය සඳහන් කරයි

ඊයේ (27) අලුයම් කාලයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසියේ විශේෂ පොලිස් කණ්‌ඩායමක් කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ සැකකරුගේ නිවස වෙත ගොස් නිවසද දැඩි පරික්ෂාවට ලක් කර බිරිඳගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

මෙම සැකකරු  මෙම  මරමස්ථාන සටහන් වෙනත් පාර්ශවයන් අතට පත්කර ඇද්ද ? මෙසේ සටහන් තබාගෙන ඇත්තේ කුමන කාරණයකටද? ලබාගන්නා ඡායාරූප වට් ඇෆ්  තාක්ෂණය ඔස්සේ වෙනත් පාර්ශවයට යොමු කර ඇත්ද? යන්න මෙන්ම ,  පැති කිහිපයක් ඔස්සේසැකකරුට එරෙහිව රැඳවුම්  නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමටද නියමිතය

කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ



Recommended Articles