කොළඹ නාගරික උද්ධමනය සෘණ වෙයි


සැප්තැම්බර් මාසයේදී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  -0.5% ක් දක්වා අඩු වී තිබේ. 2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී තිබුණි.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ සංඛ්‍යා දත්තවල මෙය දැක්වෙයි

සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  -0.3% දක්වා  අඩු වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  -0.5%ක් දක්වා අඩු වී ඇත.

 



Recommended Articles