කොවිඩ් රෝගීන් ඇතුළත් කර ගන්නා රෝහල් 13න් 6ක ධාරිතාව ඉක්මවයි


මේ වන විට කෝවිඩ් රෝගීන් ඇතුළත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ වෙන්කර ඇති රෝහල් 13න් 6කම මේ වන විට ධාරිතාව ඉක්මවා රෝගීන් ඇතුළත් කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව අයි.ඩී.එච්. රෝහල, වැලිකන්ද මූලික රෝහල, නැගෙනහිර කොළඹ මූලික රෝහල, කඹුරුගමුව රෝහල, තෙල්දෙණිය මූලික රෝහල, කාන්තන්කුඩි රෝහල යන රෝහල් තුළ මෙසේ ධාරිතාව ඉක්මවා තිබේ.

රෝහල් 13 තුළ ඇඳන් 1712ක් වෙන්කර තිබුණ අතර මේ වන විටත් රෝගින් 1544ක් ඇතුළත් කර තිබේ. ඒ අනුව තවත් ඉතිරිව ඇත්තේ ඇඳන් 168ක් පමණි.

අද පෙරවරු 5.00ට මෙම තොරතුරු අදාළ වෙයි.



Recommended Articles