කොවිඩ් මරණ 9ක්


අද (08) කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 365කි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 95 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක්, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක්, කයිට්ස් පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවක්, හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

 



Recommended Articles