කොවිඩ් නිසා සමුගත් SI


කෝවිඩ් 19 ආසාදිත විමෙන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස්සර පොලීසියට අනියුක්තව සේවය කල උප පොලිස් පරික්ෂකවරයකු අද (12) අලුයම මියගිය බව බදුල්ල පොලීසිය පවසයි.

පස්සර මාවුස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පස්සර පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂක  ඩබ්ලිව් .ඇම් සිරිපාල (57) නැමත්තා මෙසේ මියගොස් ඇත.

මොහු අසනිප වී පස්සර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඉකුත් 3 වන දින ඇතුලත් කර ප්‍රතිකාර  ලබමින් සිටියදී මියගිය බවද පොලීසිය සඳහන් කළේය.

මොහුගේ ආදාහන කටයුතු බදුල්ල ආදාහනාගාරයේද් සිදු කිරිමට නියමිතය.

ප්‍රසාද් රුක්මාල්



Recommended Articles