කොවිඩ් නිසා මාතලේ මරණ 17ක්


කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට  මරණ 17ක් වාර්තා වි ඇති අතර සමස්ත රෝගින් සංඛ්‍යාව 2299ක්  බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

පසුගිය පැය 24 තුල රෝගින් 61 දෙනෙකු වාර්තා වි ඇති අතර ගලේවෙලින් රෝගින් 17ක්ද දඹුල්ලෙන් රෝගින් 13ක්ද දඹුල්ල නගර සිමාවෙන් රෝගින් 11ක්ද මාතලෙන් රෝගින් 4ක්ද උකුවෙලින් රෝගින් 4ක්ද මාතලේ නගර සිමාවෙන් රෝගින් 02ක්ද අඹන්ගගකෝරලයෙන් රෝගින් 02ක්ද ලග්ගලින් රෝගීන් 3ක්, පල්ලේපොලින් එක් රෝගියෙක්ද දිස්ත්‍රික්කයෙන් පිට රෝගින් දෙදෙනෙක්ද වාර්තා වි  තිිබේ.

මේ වන විට දිස්ත්‍රික්කය පුරා පවුල් 687ක පුද්ගලයින් 1940  දෙනෙකු නිරෝධානයට ලක් කර ඇති බවද සේඛ්‍ය සේවා කාර්යාලය කියයි.



Recommended Articles