කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය කටුනායකට


ඉන්දීය රජය  විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 05 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය 01/28 දින දහවල් 11.35 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.

මෙම එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා ඇති අතර , ඒවා භාර ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටී.



Recommended Articles