කොවිඩ් ආසාදිතයන් හය ලක්ෂය ඉක්මවයි


ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද දිනයේදි ලක්ෂ 6 සීමාව ඉක්මවා ගියේය. ඒ තවත් ආසාදිතයන් 840ක් අද දිනයේදී වාර්තා වීමත් සමගිනි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 600203ක් දක්වා ඉහළ ගියේය. අද දිනයේදි වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතරින් 06ක් විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි.

 



Recommended Articles