කොවිඩ් ආසාදිතයන් වැඩිම පිරිසක් කොළඹ, මහනුවර හා ගම්පහින්


අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළද දිවයිනේ වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් කොළඹ, මහනුවර හා ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වඋ ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනයේදී දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කොවිඩ් ආසාදිතයන් 611ක් වාර්තා වී තිබුණි. ඒ අතරින් කොළඹ, මහනුවර හා ගම්පහ දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයන් 266ක්, 99ක් හා 94ක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිතයන් 34736ක් වාර්තා වී ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 25651ක් වෙයි.

 



Recommended Articles