කොවිඩ් ආසාදිතයන් ගණන 3169ක් දක්වා ඉහළට


කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 14ක් ඊයේ දිනයේදී සොයාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදේශයන්හි සිට පැමිණි නිරෝධානයට ලක්වෙමින් සිටි පිරිසක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතය සමස්ත සංඛ්‍යාව 3169ක් දක්වා වර්ධනය විය. රෝගින් 2969ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

තවත් රෝගීන් 188ක් ප්‍රතිකාර ලබමින් පසුවන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 12කි.

ඊයේ වාර්තා වූ රෝගීන්ගේ විස්තර

එක්සත් අරාබි එමිර් රාජ්යයේ සිට පැමිණි 7යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

සෞදි ආරාබියේ සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

මාලදිවයිනේ සිට පැමිණි 5යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින



Recommended Articles