කොවිඩ් ආසාදිතයන් 175ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 175ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 මේ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2296ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2805ක් වාර්තා වෙයි.

මිය ගිය ආසාදිතයන් සංඛ්‍යාව 11ක් වන අතර තවත් ආසාදිතයන් 498ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

 



Recommended Articles