කොවිඩ් ආසාදිතයන් 143ක් - මරණ 05ක්


අද (29දා) නව කොවිඩ් ආසාදිතයන් 143ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙ අනුව අඛණ්ඩව දින තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 සීමාව ඉක්මවා ගියේය.

අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාවද සමගින් ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 665 543ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර ඊයේ (28දා) කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දිනයේදී තහවුරු කළේය. 



Recommended Articles